රුසියානු ඩ්‍රෝන යානා 29න් 24ක්ම විනාශයි – යුක්‍රේනය

රුසියානු ඩ්‍රෝන යානා 29න් 24ක්ම විනාශ කළා - යුක්‍රේනය

රුසියානු ඩ්‍රෝන යානා 29න් 24ක්ම විනාශ කළා - යුක්‍රේනය

යුක්‍රේනයේ ගුවන් ආරක්‍ෂණ පද්ධතිය මගින් රුසියානු ඩ්‍රෝන යානා 29න් 24ක්ම විනාශ කළ බවට යුක්‍රේනය පවසයි.

දකුණු ඔඩෙසා සහ මයිකොලයිව් ප්‍රදේශ මෙන්ම මධ්‍යම කිරොහොව්රාඩ් ප්‍රදේශවලට ඒවා කඩා වැටී ඇත.

කෙසේ වෙතත් වෙනත් රටවල නෞකා යුක්‍රේන වරායන් වෙත ඇතුල් වීම වැලැක්වීමට රුසියාව මුහුදු බෝම්බ භාවිත කළ හැකි බවට බ්‍රිතාන්‍ය බුද්ධි අංශ අනතුරු අඟවයි.

මේ අතර යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි ග්‍රනාඩා සමුළුවට සහභාගී වී සිටී. එහිදී යුක්රේනයේ පවතින යුද ගැටළු විසඳීම සඳහා යුරෝපා නායකයින් සාකච්චා කිරීමට නියමිතය.

ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චෙස්ගේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන සමුළුවට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සහ බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක්ද සහභාගි වනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *