ඉදිරි මාස 3කින් කළ යුතු කරුණු 16ක් පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල(IMF) පෙන්වා දෙයි

ශ්‍රී ලංකාවට උදව් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සුදානම්

ශ්‍රී ලංකාවට උදව් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සුදානම්

ඉදිරි මාස 03ක කාලය ඇතුළත ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ප්‍රමුඛත්වය ලබාදී ඉටුකළ යුතු කරුණු 16ක් ඇතුළත් විශ්ලේෂණාත්මක ඇගයීම් වාර්තාවක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර තිබෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පසුගියදා මෙරට සිදුකළ සංචාරයෙන් පසු නිකුත් කර ඇති මෙම වාර්තාවේ මෙරට මුල්‍ය පාලනයේ සහ කළමනාකරණයේ දුර්වලතා රැසක්ද පෙන්වාදී තිබීම විශේෂත්වයක්.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මෙරටට අනුමත කළ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකමේ පළමු වාරිකය සම්බන්ධයෙන් වූ ඇගයීම් කටයුතු සඳහා එහි නියෝජිත පිරිස පසුගිය මාසයේ 14වනදා දිවයිනට පැමිණියා.

අනතුරුව දින 12ක කාලයක් ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සමාලෝචනය සඳහා එම නියෝජිත පිරිස මෙරට රැඳී සිටිමින් පාර්ශ්ව රැසක් සමඟ සාකච්ඡා පැවැත්වූ අතර එම සාකච්ඡා අවසානයේ පසුගිය 27වනදා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පැවැත්වුවා.

එහිදී ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම් ප්‍රධානී පීටර් බෘවර් සඳහන් කළේ, මෙරට ආදායම් එක්රැස් කිරීමේ හිඟයක් පවතින බවයි.

එමෙන්ම විස්තීරණ ණය මුදලේ දෙවැනි වාරිකය නිකුත් කිරීම ගැන නිශ්චිත කාල රාමුවක් නොමැති බවද ඔහු කියා සිටියා.

ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට තාක්ෂණික සහාය ලබාදීම සහ පාලනයේ විශ්ලේෂණාත්මක ඇගයීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති මෙම නව වාර්තාවේ දක්වා ඇති ප්‍රධාන දුර්වලතාව වන්නේ අයවැය මඟින් ඇස්තමේන්තු කර ඇති ආදායම් එක්රැස් කිරීමට නොහැකිවීමයි.

එමෙන්ම වියදම් සීමාවන්ද ඉක්මවා යාම හේතුවෙන් අයවැය පිළිබඳ විශ්වසනීයත්වය බිඳ වැටෙන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දී තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *