MCC ක්‍රීඩා සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස කුමාර් සංගක්කාර

0
MCC ක්‍රීඩා සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස කුමාර් සංගක්කාර

MCC ක්‍රීඩා සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස කුමාර් සංගක්කාර

එංගලන්තයේ Marylebone Cricket Club (MCC) ක්‍රීඩා සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ක්‍රීඩක කුමාර් සංගක්කාර පත්කර තිබේ.

අඛණ්ඩව එම කමිටුවේ සාමාජිකයෙක්ව සිටි සංගක්කාර හිටපු එංගලන්ත නායක මයික් ගැටිංගෙන් පසුව කමිටුවේ නව සභාපතිවරයා ලෙස වැඩ භාර ගෙන ඇත.

එම කමිටුවට කුමාර් ධර්මසේන, සෞරව් ගංගුලි, ජුලන් ගොස්වාමි, හෙදර් නයිට්, සුසී බේට්ස්, ක්ලෙයාර් කොනර්, ජස්ටින් ලැන්ගර්, ඉයන් මෝගන්, රමීස් රාජා, ග්‍රේම් ස්මිත් සහ රිකී ස්කෙරිට් ඇතුළත් වේ.

මෙම කමිටුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට සහ එහි සාමාජික රටවලට අනුපූරක ආයතනයක් ලෙස ක්‍රියාකරන අතර ක්‍රීඩාවේ පවතින ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා වසරකට දෙවරක් රැස්වේ.

කුමාර් සංගක්කාර 2019 දී MCC හි බ්‍රිතාන්‍ය නොවන පළමු සභාපතිවරයා බවට පත් වූ අතර, එම භූමිකාව ආසන්නතම හිටපු සභාපති ස්ටීවන් ෆ්‍රයි වෙත පැවරීමට පෙර වසර දෙකක කාලයක් එම තනතුර දැරීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com