kg 35ක හෂීෂ් තොගයක් රේගුවෙන් අල්ලයි

kg 35ක හෂීෂ් තොගයක් රේගුවෙන් අල්ලයි

kg 35ක හෂීෂ් තොගයක් රේගුවෙන් අල්ලයි

කටුනායක ගුවන් බඩු අංගනයෙන් රටතුළට ගෙන ඒමට තැත් කළ භාණ්ඩ තොගයක සූක්ෂමව සඟවා තිබු හෂීෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 35ක් සොයා ගැනුනා.

ඉතාලියේ සිට මෙරටට ඒවා තිබු මෙම භාණ්ඩ තොගය පරික්ෂාවට ලක් කළ රේගු නිලධාරීන් මෙම විෂ මත්ද්‍රව්‍ය තොගය සොයා ගනු ලැබුවා.

රේගු ආදායම් අධික්ෂණ අංශය ඔරුගොඩවත්ත ආදායම් අධික්ෂණ අංශයේ භාණ්ඩ පරීක්ෂණ අංගනයේ දී මෙලෙස පැකේජ 5ක් පරීක්ෂාවට ලක් කළා. එහිදී රුපියල් මිලියන 42ක් වටිනා මෙම හෂිෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 35 සොයා ගත් බවයි රේගුව සදහන් කළේ.

මෙරට අයිතිකරු තවමත් හදුනාගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ ක්‍රියාත්මකයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *