ලොව 08 වැනි මහාද්වීපය ලෙස මහාද්වීපයක් දකුණු පැසිෆික් සාගරයෙන්

දකුණු පැසිෆික් සාගරයෙන් ලොව 08 වැනි මහාද්වීපය ලෙස මහාද්වීපයක්

දකුණු පැසිෆික් සාගරයෙන් ලොව 08 වැනි මහාද්වීපය ලෙස මහාද්වීපයක්

භූ විද්‍යාඥයින් විසින් දකුණු පැසිෆික් සාගරයෙන් ලොව 08 වැනි මහාද්වීපය ලෙස මහාද්වීපයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වසර 375කට පමණ පසුවයි විද්‍යාඥයින්ට මෙම මහාද්වීපය සොයා ගැනීමට හැකිවී තිබෙන්නේ.

භූ විද්‍යාඥයින් සහ භූ කම්පන විද්‍යාඥයින්ගේ කුඩා කණ්ඩායම සීලන්තයේ නොහොත් Zealandia හෝ Te Riu-a-Maui හි අලුතින් සිතියමක් නිර්මාණය කර ඇති බවයි Phys.org වාර්තා කරනවා.

පර්යේෂකයන් එය සොයාගෙන ඇත්තේ සාගර පත්ලෙන් ගොඩගත් පාෂාණ සාම්පලවලින් ලබාගත් දත්ත භාවිතා කරමින්.

නව මහාද්වීපය නවසීලන්තයට සමාන වන අතර දූපත් අතලොස්සක් සමගින් භූමියෙන් සියයට 94ක් දිය යට පවතිනවා.

එම පර්යේෂණයේ සම්පුර්ණ විස්තරයක් Tectonics සඟරාවෙහි පළ කර ඇති බවද සඳහන්.

BBC වෙබ් අඩවියට අනුව, Zealandia මහාද්වීපය වර්ග සැතපුම් මිලියන 1.89 විශාල මහාද්වීපයක් වන අතර එය මැඩගස්කරය මෙන් හය ගුණයක් විශාල වනවා.

Zealandia මහාද්වීපය හමුවීමෙන් අනතුරුව නියත වශයෙන්ම ලෝකයේ මහාද්වීප 8ක් ඇති බව විද්‍යාඥයින් කණ්ඩායම විසින් දන්වා තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *