ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමට වගකිව යුතු යැයි රටවල් 32කට නඩු

උෂ්ණත්වය ඉහළ යෑම ගැන විද්‍යාඥයින් බියෙන්

උෂ්ණත්වය ඉහළ යෑම ගැන විද්‍යාඥයින් බියෙන්

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන පැරිස් ගිවිසුමට අනුව ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5කට වඩා අවම මට්ටමක රඳවා ගැනීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් පෘතුගාලයේ තරුණ කණ්ඩායමක් රටවල් 32කට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම තරුණ පිරිස මේ වනවිට සිය චෝදනාව මානව හිමිකම් සඳහා වන යුරෝපා අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති අතර, එය සාර්ථක වුවහොත් ලොව රටවල් රැසකට නීතිමය වශයෙන් ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

වසර 2017දී පෘතුගාලයේ හටගත් ළැව් ගින්න හේතුවෙන් පුද්ගලයන් 100කට වඩා මිය ගිය අතර, එම ඛේදනීය අත්දැකීමට මුහුණ දුන් පෘතුගාලයේ එකම පවුලක 24 හැවිරිදි ක්ලෝඩියා ඩුවාර්ටේ සහ ඇගේ බාල සොහොයුරා වන 20 හැවිරිදි මාටිම් සහ බාල සොහොයුරිය වන 11 හැවිරිදි මරියානා ඇතුළුව තරුණ පිරිසක් මේ නීතිමය පියවර ගෙන තිබේ. ඔවුන් නඩු පැවරූ රටවල් අතර බ්‍රිතාන්‍යය, නෝර්වේ, රුසියාව, ස්විට්සර්ලන්තය, ටර්කිය සහ යුරෝපා සංගමය ද ඇතුළත් ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *