දුම්රිය හරස් මාර්ග සීනු හා විදුලි පද්ධති 188කින් 94ක්ම අක්‍රීය වෙලා; රු. මි 500ක මුදලක් අපතේ

දුම්රිය සීනු සහ විදුලි පද්ධති 50% අක්‍රියවීමෙන් රු. කෝටි 50ක නාස්තියක්

දුම්රිය සීනු සහ විදුලි පද්ධති 50% අක්‍රියවීමෙන් රු. කෝටි 50ක නාස්තියක්

දුම්රිය හරස් මාර්ගවල විදුලි සංඥා පද්ධති සවිකිරීමේ ව්‍යාපෘතිය සඳහා වැය කළ රුපියල් මිලියන 500ක මුදලක් අපතේ ගොස් ඇති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කර තිබෙනවා.

විදෙස් ආධාර යටතේ ක්‍රියාත්මක කෙරුණු අදාළ ව්‍යාපෘතිය යටතේ සවිකළ සීනු හා විදුලි පද්ධති 188කින් 94ක්ම මේ වන විට අක්‍රීය වී ඇති බවයි එම වාර්තාව පෙන්වා දී ඇත්තේ. ඒ අනුව ඊට වැය කළ මුදල රුපියල් මිලියන 500ක් වනවා.

මුහුදුබඩ මාර්ගයේ සවිකළ සීනු හා විදුලි පද්ධති 142න් 60ක් සහ පුත්තලම් මාර්ගයේ සවිකළ පද්ධති 46න් 34ක් පවතින බව සඳහන්.

කෙසේවෙතත් එම පද්ධති සඳහා වන මුළු මුදලින් 95%ක්, එනම් රුපියල් මිලියන 1003කට අධික මුදලක් පසුගිය වසරේ අගෝස්තු මාසය වන විට ගෙවා අවසන් වී තිබෙනවා.

ගෙවුණු මාස කිහිපය තුළ දුම්රිය හරස් මාර්ගවල සිදුවූ අනතුරු බොහොමයකට හේතුව දුම්රිය හරස් මාර්ගවල ආරක්ෂිත ගේට්ටු නොමැතිවීම සහ විදුලි සංඥා මෙන්ම සීනු සක්‍රීය නොවීමෙන් බවටයි අදාළ වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ.

මෙරට දුම්රිය සේවය වසර 160 කට ආසන්න කාලයක් පැරණි වුවද 2022 වසරේදී නියමිත පරිදි වේලාවට ධාවනය වී ඇත්තේ මුළු දුම්රිය ගමන් වාරවලින් 28%ක් පමණක් බවද ජාතික විගණන කාර්යාලය අනාවරණය කර තිබෙනවා.

ඒ අනුව 72%ක්ම දුම්රිය නියමිත පරිදි ධාවනය වී නොමැති බව එහි වැඩිදුරටත් සඳහන්.

මෙලෙස දුම්රිය සංඥා පද්ධති සම්බන්ධයෙන් විදේශ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක කළ ව්‍යාපෘති පිළිබඳ වන විශේෂ වාර්තාවක් ජාතික විගණන කාර්යාලය විසින් ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *