සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානයක් පිහිටුවීමට නවසීලන්තයේ පූර්ණ සහය

සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානයක් පිහිටුවීමට නවසීලන්තයේ පූර්ණ සහය

සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානයක් පිහිටුවීමට නවසීලන්තයේ පූර්ණ සහය

සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානයක් පිහිටුවීම සදහා පූර්ණ සහාය ලබාදීමට නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට එකගතාවය දක්වා ඇති අතර ඒ සඳහා අවශ්‍ය අරමුදල් ලබාදීමට ද එකඟ වී තිබෙනවා.

අම්පාර ප්‍රදේශයේ මෙම සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානය පිහිටුවීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡාවක් අමාත්‍යවරයා සහ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස් Andrew Traveller මහතා අතර (29) පැවැත්වුණා.

මෙම මධ්‍යස්ථානය පිහිටුවීමට අදාළව දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත අතර අදාළ අවබෝධතා ගිවිසුම විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සමාලෝචනයට ලක් කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගැනීමට නියමිතයි.

අම්පාරේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දිස්ත්‍රික් කාර්යාලයට සමීපව මෙම මධ්‍යස්ථානය පිහිටුවන අතර දිස්ත්‍රික් කාර්යාලය සමග සමීපව මෙහෙයුම් කටයුතු සිදුකිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.
.
මධ්‍යස්ථානය පිහිටුවීමෙන් පසුව වසර තුනක කාලයක් සඳහා නවසීලන්තය විසින් ආධාර ලබාදීමටද එකඟ වී තිබෙනවා.

ආරක්ෂිත සංක්‍රමණය සහ විදේශ රැකියා සම්බන්ධයෙන් අවධානමට ලක්විය හැකි පිරිස් අතර දැනුවත්භාවය ඇති කිරීම සදහා වන වැඩසටහන් මේ හරහා ක්‍රියාත්මක කරන අතර මිනිස් ජාවාරම සහ අක්‍රමවත් සංක්‍රමණ වැළැක්වීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ද මේ හරහා ඉටු කෙරෙනවා.

එම වැඩසටහන් ක්‍රමිකව දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ව්‍යාප්ත කිරීමටද අපේක්ෂිතයි.

මෙම ව්‍යාපෘතිය හරහා ලංකාව හා නවසීලන්තය අතර වන සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමට හා ජන ජීවිතය වඩාත් දියුණු කිරීම සඳහා වන දායකත්වය ලබාදීමට අපේක්ෂා කරන බව නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා මෙම හමුවේදී කියා සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *