හිටපු අමාත්‍ය චන්න ජයසුමනට අධිකරණයෙන් නියෝගයක්

හිටපු අමාත්‍ය චන්න ජයසුමනට අධිකරණයෙන් නියෝගයක්

හිටපු අමාත්‍ය චන්න ජයසුමනට අධිකරණයෙන් නියෝගයක්

අමාත්‍ය ධුරය අහිමි වීමෙන් අනතුරුව අමාත්‍ය නිල නිවසේ අඛණ්ඩව රැදී සිටි හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට එම නිවසින් ඉවත් වන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ගොනුකර තිබූ නඩුවක් සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අදාළ නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මහාචාර්ය චන්න ජයසුමන මහතා පත් කෙරුණු අතර පසුව ඔහු ඇතුළු අමාත්‍ය ධුර දැරූ පිරිසක් එම ධුරවලින් ඉවත් වුණා.

කෙසේවෙතත් චන්න ජයසුමන මහතා අමාත්‍යවරයා ලෙස පත් වීමෙන් අනතුරුව සිටි කොළඹ 7 හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි සී.ඩී.85 දරණ නිල නිවසින් ඔහු ඉවත් වී තිබුණේ නැහැ.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අධිකරණයට කරුණු වාර්තා කර තිබූ අතර ඊට අදාළ තීන්දුව ලබාදෙමින් අධිකරණය විසින් මහාචාර්ය චන්න ජයසුමන මහතාට නිල නිවසින් ඉවත් වන ලෙස දැනුම් දී තිබෙනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චන්න ජයසුමන මහතා පවසන්නේ තමන්ට එරෙහිව එවැනි ආකාරයේ නඩු කටයුත්තක් ක්‍රියාත්මක වූ බවට තමන් නොදැන සිටි බවයි.

එමෙන්ම තමන් එම නිල නිවසේ සිටියේ මානව හිමිකම් කොමිසම විසින් ලබාදුන් තීන්දුවකට අනුව බව ඔහු සඳහන් කළා.

2022 වසරේ මැයි මස 9වන දින සිය පෞද්ගලික නිවස කිසියම් පිරිසක් විසින් ගිනි තැබීමෙන් අනතුරුව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට වන්දි ලබාදීමේදී සිදුවන අසාධාරණකම් පිළිබඳව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමෙන් අනතුරුව තවදුරටත් නිල නිවසේ සිටීමට තමන්ට අවස්ථාව හිමි වූ බවයි චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් සිදුකළ විමසීමකදී එහි මාධ්‍ය අධ්‍යක්ෂ ශාන්ත රණවක මහතා පැවසුවේ මානව හිමිකම් කොමිසම ලබාදුන් තීන්දුව වලංගුව පැවතියේ ඉකුත් පෙබරවාරි මාසය දක්වා පමණක් බවයි.

ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදී චන්න ජයසුමන මහතාට අදාළ නිවසින් ඉවත් වන ලෙස දැනුම් දුන්නද ඊට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම නඩුව පැවරීමට සිදුවූ බව ශාන්ත රණවක මහතා සඳහන් කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *