කොන්දොස්තරගෙන් අල්ලස් ගත් ඩිපෝ කළමනාකරු මාට්ටු වෙයි

දියසෙන්පුර ලංගම ඩිපෝවට අනුයුක්තව සේවය කළ කොන්දොස්තරවරයකුට බස් ටිකට්පත් තොගයක් සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනාවකින් අදාල කොන්දොස්තරවරයා නිදහස් කර දීමට එම ඩිපෝවේ කළමණාකාරවරයා රුපියල් 60,000 අල්ලස් මුදලක් ඉල්ලා ඇත.

පසුව මෙම කොන්දොස්තරවරයා පසුගිය 24 වන දින අදාල මුදලද රැගෙන මැදිරිගිරිය විහාරමාවත ප්‍රදේශයේදී ඒම මුදල ස්ථානභාර නිළධාරීවරයාට ලබා දෙනවිට අල්ලස් හා දූෂණ මර්ධන ඒ්කකය විසින් ස්ථානභාර නිළධාරීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා පොලොන්නරුව පොලිසියට බාරදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *