නීති විරෝධීව ගෙනා දුම්වැටි තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

0

මෙරටට ගෙන්වන ලද විවිධ වර්ගයේ විදේශිය දුම්වැටි 11,600ක් සන්තකයේ තබාගෙන නීති විරෝධී ලෙස අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මාගාල්ල, ගාල්ල ප්‍රදේශයේ දී මෙම වැටලීමක් සිදුකල බවයි.

මාගාල්ල, ගාල්ල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගාල්ල වරාය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මෙම විදේශිය දුම්වැටි බදු නොගෙවා ගෙන්වන ලද ඒවා ය.

 

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com