මරණ දඬුවම ලබා දීම වහාම අත් හිටුවන ලෙස ඉල්ලීමක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය

මරණ දඬුවම ලබා දීම වහාම අත් හිටුවන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය කුවේටය සහ සිංගප්පූරුවෙන් ඉල්ලීමක් කර ඇත.

එසේ මරණ දඬුවම ලබාදීම අත්හිටුවා දැනට මරණ දඬුවම ලබා දීම අත්හිටුවා හෝ නවතා දමා ඇති රටවල් 170 කට වඩා වැඩි සංඛ්‍යාවට එකතු වන ලෙසද කුවේටය සහ සිංගප්පූරුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඉල්ලීමක් කර තිබේ.

පසුගියද කුවේටය සිරකරුවන් 5 දෙනකුට මරණ දඬුවම ක්‍රියාත්මක කළ අතර එම සිරකරුවන් 5 දෙනාට ශ්‍රී ලාංකික මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුද අයත් විය.

එසේම සිංගප්පූරුවද සිරකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම ලබා දුන් අතර වසර 20 කට ආසන්න කාලයකදී මරණ දඩුවම ලබා දුන් ප්‍රථම සිංගප්පූරු කාන්තාවද ඒ අතර සිටියාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *