අමෙරිකාවෙන් තායිවානයට ඩො. මි 345ක යුධ ආධාරයක්

අමෙරිකාවෙන් තායිවානයට ඩො. මි 345ක යුධ ආධාරයක්

අමෙරිකාවෙන් තායිවානයට ඩො. මි 345ක යුධ ආධාරයක්

ඇමෙරිකාව විසින් තායිවානයට ඩොලර් මිලියන 345ක යුධ ආධාරයක් ලබා දෙන බව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ප්‍රකාශයට පත් කරන ලද යුධ ආධාරය කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවයි අමෙරිකාව පවසා ඇත්තේ.
විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ඔත්තු බැලීමේ උපකරණ සහ කුඩා අවි ආයුධ මෙම යුධ ආධාරයට ඇතුළත් බවයි.

කෙසේ වෙතත් තායිවානය සම්බන්ධයෙන් චීනය අවදානයෙන් සිටින පසුබිමකයි මෙම යුධ ආධාර ලබා දෙන බවට නිවේදනය කර ඇත්තේ.

ප්‍රබල රාජ්‍ය තාන්ත්‍රික සහ මිලිටරි බලයක් ඇති චීනය ප්‍රජාතන්ත්‍රවාදී, ස්වයං පාලනයක් සහිත තායිවාන දූපත තම භූමියේ කොටසක් ලෙස ප්‍රකාශ කරන අතර අවශ්‍ය නම් එය බලහත්කාරයෙන් අල්ලා ගන්නා බවටද ප්‍රතිඥා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *