සතොස කිරිපිටි මිල පහළට

සතොස කිරිපිටි මිල පහළට

ලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනයේ සඳහන් වන්නේ සතොස කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර ඇති බවය. ඒ අනුව ලංකා සතොස සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල පහළ දමා තිබේ.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ රුපියල් 31කින් මිල පහළ දමා ඇති බවය. ලංකා සතොස සම්පූර්ණ යොදය සහිත කිරිපිටි පැකට්ටුවක නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 999කි.

ඒ අනුව දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් හරහා (21) සිට මෙම නව මිල යටතේ ලංකා සතොස සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් මිලදීගැනීමට හැකිවනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *