රාජ්‍ය නිලධාරීන්ට නව චක්‍රලේඛයක්

0
2016 සිට රාජ්‍ය සේවයට එක්වුණු අයට සුබ ආරංචියක්

2016 සිට රාජ්‍ය සේවයට එක්වුණු අයට සුබ ආරංචියක්

ජ්‍යේඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට දේශීය සහ විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.

ඒ අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මේ වන විට නිකුත් කර තිබෙනවා.

2023 ජුලි 11 වනදා සිට වැටුප් රහිත දේශීය විදේශිය නිවාඩු ලබාගන්නා නිලධාරීන්ගේ වැටුප් රහිත නිවාඩු කාලසීමාව ජ්‍යෙෂ්ඨතාව සඳහා අදාළ කර නොගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2023 ජුලි 10 වනදා තෙක් වැටුප් රහිත දෙස් විදෙස් නිවාඩු අනුමැතිය ලබාගත් නිලධාරීන්ට අගතියක් නොවන පරිදි අවශ්‍ය පියවර ගැනීමයි රජයේ අරමුණ.

මෙම ප්‍රතිපාදන ඇතුළත් චක්‍රලේකය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මේ වන විට නිකුත් කර තිබෙනවා.

චක්‍රලේඛය

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com