ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩාලෝලීන්ට නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළව අතුරු නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළව අතුරු නියෝගයක්

ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරගාවලිය නොමිලයේ නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන්ට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවට, නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව ජුලි 16 වනදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය මෙන්ම ජුලි මස 24 වනදා කොළඹ SSC පිටියේදී ඇරඹෙන දෙවන ටෙස්ට් තරගයද නොමිලයේ නැරඹීමේ අවස්ථාව හිමිවනු ඇති.

මේ අතර අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මේ වනවිටත් එම තරගාවලියේ තරග නැරඹීම සඳහා මුදල් ගෙවා ටිකට් පත් මිලදී ගත් පුද්ගලයින් වෙත අදාළ මුදල් නැවත ගෙවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *