ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළමු වතාවට පවත්වන T–10 ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මාසයේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළමු වතාවට පවත්වන T–10 ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මාසයේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළමු වතාවට පවත්වන T–10 ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මාසයේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළමු වතාවට පවත්වනු ලබන T – 10 ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මස 12 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මූලික සැලසුම අනුව මෙම තරගාවලිය මෙම වසරේ ජුනි මසදී පැවැත්වීමට නියමිතව තිබූණද ශ්‍රී ලංකාවේ දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් දින දර්ශනවලට අනුව T- 10 තරගාවලිය පැවැත්වීමට යෝග්‍යම කාල වකවානුව වන්නේ දෙසැම්බර් මස බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.

මෙම අභිනව T- 10 තරගාවලිය ශ්‍රී ලංකාවේ වාර්ෂික දින දර්ශනයට එකතු වන නවතම තරගාවලිය වනවා.

ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ හොදම ජාත්‍යන්තර ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම T – 10 තරගාවලිය හරහා තරුණ ක්‍රීඩකයින්ට සිය දක්ෂතා ඔප්නංවා ගැනීමට අවස්ථාව ලැබෙනවා.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි පිරිමි කන්ඩායම් 6ක් සහ කාන්තා කණ්ඩායම් 4ක් තරග වැදීමට නියමීතය. එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වන අතර ඉන් 6 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් ලෙස තෝරා ගත හැක.

තරගාවලියේ හිමිකම් සහකරු ලෙස T Ten Sports Management සහ T Ten Global Sports ආයතනය කටයුතු කරන අතර අයි.පී.ජී. ආයතනය තරගාවලිය තරගාවලියේ සංවිධානය කටයුතු සිදුකිරීම සදහා සහයෝගය ලබාදෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *