සරම්ප එන්නත ළමුන්ට ලබා දෙන්න – වසංගත රෝග විද්‍යා අංශයෙන් ඉල්ලීමක්

සරම්ප එන්නත ළමුන්ට ලබා දෙන්න - වසංගත රෝග විද්‍යා අංශයෙන් ඉල්ලීමක්

සරම්ප එන්නත ළමුන්ට ලබා දෙන්න - වසංගත රෝග විද්‍යා අංශයෙන් ඉල්ලීමක්

2019 වසරේ දී සරම්ප රෝගය තුරන් කළද නැවතත් සරම්ප රෝගීන් මෙරටින් වාර්තා වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

මෙලෙස වාර්තා වන රෝගීන් සරම්ප රෝගයට එරෙහි එන්නත් ලබා නොගත් පුද්ගලයින් වන අතර ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ ද 2010 වසරෙන් පසු ළමා එන්නත් ලබා ගැනීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ සමිත ගිනිගේ මහතා පෙන්වාදෙන්නේ.

විද්‍යාත්මක නොවන පදනම් හේතුවෙන් දරුවන්ට එන්නත් ලබාදීමට මව්පියන් කටයුතු නොකිරීම ගැටලුවක් වී ඇති බව සඳහන්.

කඩිනමින් මෙම එන්නත් ලබා නොදීම සිදු නොකළහොත් ඉදිරියේදී ළමුන් තවත් රෝගවලට ගොදුරු වීමට ඉඩකඩ පවතින බැවින් සරම්ප රෝගයට එරෙහි එන්නත ලබාදීමට වැඩිහිටියන් පියවර ගත යුතු බවයි වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසන්නේ.

වෛරසයක් හේතුවෙන් සරම්ප රෝගය ආසාදනය වන අතර මෙරට මාස 09 සහ අවුරුදු 03දී සරම්ප එන්නත් ලබා දීම සිදු කරනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *