ජන හා නිවාස සංගණනයක් පවත්වන ලෙසට අති විශේෂ ගැසට් නිවේදනයක්

ජන හා නිවාස සංගණනයක් පවත්වන ලෙසට අති විශේෂ ගැසට් නිවේදනයක්

ජන හා නිවාස සංගණනයක් පවත්වන ලෙසට අති විශේෂ ගැසට් නිවේදනයක්

මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් ‍2023 – 2024 වර්ෂවලදී මෙරට ජන හා නිවාස සංගණනයක් සිදුකිරීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

2021 වර්ෂයේදී මෙරට 15 වන ජන හා නිවාස සංගණනය පැවැත්වීමට නියමිතව තිබුණි.

එහෙත් කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් එය කල්දැමීමට රජය පියවර ගත්තේය.

මෙරට ප්‍රථම ජන හා නිවාස සංගණනය 1871 වසරේදී සිදුකර ඇති අතර අවසන් ජන හා නිවාස සංගණනය 2012 වසරේදී පවත්වා තිබේ.

සෑම දස වසරකට වරක් ජන හා නිවාස සංගණනයක් සාමාන්‍යයෙන් සිදුකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *