අඩු ආදායම්ලාභී පවුලකට එළුවන් තිදෙනෙක්

අඩු ආදායම්ලාභී පවුලකට එළුවන් තිදෙනෙක්

අඩු ආදායම්ලාභී පවුලකට එළුවන් තිදෙනෙක්

අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමේ අරමුණින් එම පවුල් වෙත එළුවන් බෙදාදීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ආරම්භ කර තිබේ.

එහි සමාරම්භක උත්සවය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් (09) රන්න, වාඩිගල ප්‍රදේශයෙන් ආරම්භ විය.

මෙම වැඩසටහන යටතේ වසර පහක් තුළ එළුවන් 70,000ක් අඩු ආදායම්ලාභි පවුල්වලට බෙදාදීමට නියමිතය.

මෙහිදී එක් පවුලකට එළුවන් තිදෙනෙකු බැගින් හිමිවීමට නියමිතය.

සමාරම්භක අවස්ථාවේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති කෘෂිකර්ම ව්‍යවසායකත්ව ගම්මාන 07 සඳහා එක් ගමකින් පවුල් 10ක් බැගින් තෝරාගෙන එළුවන් බෙදා දීම සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *