අමෙරිකාව සිය අවසන් රසායනික අවි තොගය විනාශ කරයි

අමෙරිකාව සිය අවසන් රසායනික අවි තොගය විනාශ කරයි

අමෙරිකාව සිය අවසන් රසායනික අවි තොගය විනාශ කරයි

අමෙරිකාව සිය අවසන් රසායනික අවි තොගය විනාශ කළ බව එරට ජනාධිපති Joe Biden නිවේදනය කර තිබෙනවා.

අමෙරිකානු හමුදාව සතු අවසන් මාරාන්තික රසායනික ද්‍රව්‍ය ටොන් 500ක් විනාශ කිරීමේ සිව් වසරක ව්‍යපෘතිය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමෙන් පසුව Joe Biden මේ බව නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

1993 වසරේ දී එකඟ වූ සහ 1997 වසරේ දී බලාත්මක වන රසායනික අවි සම්මුතියට අනුව අමෙරිකාව සඳහා සියලු රසායනික කාරක සහ යුධෝපකරණ විනාශ කිරීමට මෙම වසරේ සැප්තැම්බර් 30 දක්වා කාලය ලබාදී තිබුණා.

ලොව රටවල් රැසක් මෙම සම්මුතියට අත්සන් තබා තිබූ අතර ඊට අවසානයට අත්සන් තැබුවේ අමෙරිකාවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *