ICC ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්

ශ්‍රී ලංකාව ICC නවතම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා කණ්ඩායම පියවරක් ඉදිරියට
ICCය විසින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කර තිබේ.
ඒ අනුව ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු තැනට පැමිණීමට නවසීලන්ත ක්‍රීඩක කේන් විලියම්සන් සමත්ව ඇත.
ප්‍රසාද ලකුණු 883ක් හිමිකරගනිමින් ඔහු එම ප්‍රථම ස්ථානයේ පසුවෙයි.
මේ අතර ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ ඔස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත් පසුවෙයි.
මීට පෙර ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන රැඳී සිටි ජෝ රූට් එම ස්ථානයේ සිට 5වන ස්ථානය දක්වා පසුබැස තිබේ.
ටෙස්ට් පන්දුයවන්නන්ගේ ලැයිස්තුවේ වෙනසක් සිදුව නොමැති අතර තවදුරටත් අශ්වින් එහි පෙරමුණේ පසුවෙයි.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩක පැට් කමින්ස් ප්‍රසාද ලකුණු 826ක් හිමිකරගනිමින් එහි දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.