ICC එක්දින ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්වල චමරි අතපත්තු අංක එකට

0
ICCයේ 2023 විස්සයි විස්ස කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස චමරි

ICCයේ 2023 විස්සයි විස්ස කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස චමරි

නවතම අයි.සී.සී එක්දින ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්වල පිතිකාරිණියන් අතර පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සමත් වී තිබෙනවා.

නවසීලන්තයට එරෙහිව (03)වන දා නිමා වූ එක්දින තරගාවලියේ දී ශතක දෙකක් වාර්තා කරමින් දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ඇය මෙලෙස පිතිකාරිණියන් අතර පෙරමුණට පත්ව ඇත.

චමරි අතපත්තු මේ වන විට හිමි කර ගෙන සිටින ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 758ක්.

ලකුණු 754ක් ලබාගෙන පෙරමුණේ රැඳී සිටි ඕස්ට්‍රේලියාවේ Beth Mooneyට මේ වන විට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com