ආණ්ඩුව පිළිබද ජනතා කැමැත්ත ඉහළ යමින් පවතින බව ජනමත විමසුමකින් අනාවරණය වේ

ආණ්ඩුව පිළිබද ජනතා කැමැත්ත ඉහළ යමින් පවතින බව ජනමත විමසුමකින් අනාවරණය වේ

ආණ්ඩුව පිළිබද ජනතා කැමැත්ත ඉහළ යමින් පවතින බව ජනමත විමසුමකින් අනාවරණය වේ

ආණ්ඩුව පිළිබද ජනතා කැමැත්ත ඉහළ යමින් පවතින බව ජනමත විමසුමකින් තහවුරු වුණා.

වෙරිටේ රිසර්ච් මගින් සිදුකළ රට හිතන හැටි දීපව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයට අනුව රටේ වැඩ කටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය පිළිබදවද ජනතා තෘප්තිය ඉහළ යමින් පවතිනවා.

පසුගිය මාසයේ ප්‍රතිඵලවලට අනුව එය 21%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 7% පැවති ජනතාවගේ වඩාත් තෘප්තිමත් බව පසුගිය ජුනි මාසය වන විට 12%ක් දක්වා වර්ධනය වුණා.

ජනමත විමසුමට අනුව රටේ ආර්ථිකය පිළිබද ජනතාව තුළ පවතින විශ්වාසයද ඉහළ යමින් පවතිනවා.

පසුගිය වසරේ ඔක්තෝබර් හා මෙම වසරේ පෙබරවාරි යන මාසවලට සාපේක්ෂව එය කැපී පෙනෙන වර්ධනයක්.

රටේ ආර්ථිකය ගැන ජනතා විශ්වාසය සෘණ අගයක සිට ධන අගයක් දක්වා මේ වන විට වර්ධනය වී පවතිනවා. එමෙන්ම පසුගිය ජුනි මාසයේ දී සියයට බිංදුවයි දශම අටක පිරිසක් ආර්ථිකය විශිෂ්ඨ මට්ටමක පවතින්නේ ය යන අදහසින් සිටි බවයි සමීක්ෂණයෙන් හෙළි වුණේ.

එමෙන්ම 26.4% සිටින්නේ ආර්ථිකය යහපත් මට්ටමක පවතින්නේය යන අදහසින් යුක්තවයි. එමෙන්ම 28.8% පිරිසක් ආර්ථිකය යහපත් අතට හැරෙමින් පවතින්නේ ය යන අදහසින් පසුවනවා.

ඇමෙරිකාවේ සිදු කළ ජනමත විමසුමක ක්‍රමවේද මෙරටට ගැළපෙන ලෙස සකස් කරමින් මෙම සමීක්ෂණය සිදු කෙරුණා.
එමෙන්ම රටම ආවරණය වන පරිදි නියදියක් තෝරා ගැනුණා.

චෙරිටේ රිසර්ච් සමීක්ෂණය සදහා පුද්ගලයන් 108 දෙනෙකුගෙන් යුත් නියදියක් තෝරාගෙන තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *