ශ්‍රී ලාංකික ජනතාවගේ මුදල් ගසාකන තවත් දූශිත කාර්යාලයක් – ජනාධිපති කාර්යාලය

ආණ්ඩු පක්ෂ සියලුම මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනු

ආණ්ඩු පක්ෂ සියලුම මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනු

ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යටතේ පසුගිය වසර තුළ ජනාධිපති කාර්යාලයේ වියදම් ඇස්තමේන්තු ඉක්මවා අසීමිත ලෙස ඉහල ගොස් ඇති බවට විගණකාධිපතිවරයා විසින් ජනාධිපති කාර්යාලය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන වාර්තාවෙන් අනාවරණය වේ.

පසුගිය 2022 වර්ෂය වෙනුවෙන් එම කාර්යාලයේ ඇස්තමේන්තු කළ වියදම රුපියල් මිලියන 3,044ක් වුවද, භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 5,457ක් ලබා ගෙන ඇති බව එම වාර්තාවෙන් හෙළිකර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් පළවා හැරීමෙන් පසුව අදාළ මූලික ඇස්තමේන්තු විශාල ලෙස ඉහල ගොස් ඇති බවත් ඇතැම් ප්‍රතිපාදන 25% සිට 760% දක්වා අති විශාල ප්‍රමාණයකින් ඉහල ගොස් ඇති බවද එම වාර්තාවෙන් හෙළිවී ඇත.

අදාළ ගණන් දීමේ නිලධාරීන් විසින් වාර්ෂික ඇස්තමේන්තු සකස් කිරීමේදී නිසි සැලකිල්ලක් නොදක්වා ඇති අතර වියදම් අති විශාල වශයෙන් සිදු කර තිබුණ ද, ඒ පිළිබඳ සාක්ෂි බොහොමයක් විගණනයට ඉදිරිපත් කර නැති බවද අනාවරණය වී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *