රනිල් යළිත් ඔප්පු කළා ඔහු ලිබරල්වදියෙක් නෙවෙයි කියන එක – මුජිබර්

ආණ්ඩුව රටේ තීන්ත ඉවර වෙන තුරු සල්ලි අච්චු ගහනවා; මේක නං නවතින පාටක් නැහැ - මුජිබර් රහුමාන්

ආණ්ඩුව රටේ තීන්ත ඉවර වෙන තුරු සල්ලි අච්චු ගහනවා; මේක නං නවතින පාටක් නැහැ - මුජිබර් රහුමාන්

රනිල් වික්‍රමසිංහ විපක්ෂයේ සිටින විට ලිබරල් චින්තකයෙක් බව පෙන්වමින් සිටියද ජනාධිපති වූ පසු ක්‍රමයෙන් වැඩවසම් ක්‍රමයට යමින් සිටින බව ඊයේ පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාවෙන් ඔප්පු වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.

ඒ, ඊයේ(02) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් සමාජයට ඇතිවන බලපෑම කෙබඳුද යන්න විවාදයක් පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තු වුවද සිදු වූයේ සියල්ල යටපත් කර ජනාධිපතිවරයාට සීමාවකින් තොරව තීන්දු ගත හැකි යෝජනාවක් ඉදිරිපත් කර සම්මත කරගත් බවයි රහුමාන් මන්ත්‍රීවරයා ප්‍රකාශකළේය.

”ඊයෙ ගෙනාපු යෝජනාවෙන් පේන දෙයක් තමයි සියලු දෙනාටම, ආණ්ඩුව ප්‍රකාශයට පත් කරලා තිබුණේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ විවාදයක් කියලා. එය කරන්නේ කොහොමද සමාජයට එයින් ඇතිවෙන බලපෑම ආර්ථිකයට ඇතිවෙන බලපෑම ජනතාවට ඇතිවෙන මූල්‍යමය බලපෑම අර්ථසාධකය වැනි අරමුදල්වලට ඇතිවෙන බලපෑම ගැන තමයි මාධ්‍ය තුළ පහුගිය සතිය තුළ දැක්කේ. නමුත් ඒ සියලු දේවල් යටපත් කරලා සියලු දේ හංගලා අන්තිමට ජනාධිපතිතුමාට ඒ පිළිබඳව සීමාවකින් තොරව තනි තීන්දු ගන්න පුළුවන් යෝජනාවක් ගෙනල්ලා ඊයේ පාර්ලිමේන්තුව සම්මත කළා. අපිට අහන්න තියෙන්නේ විශේෂ දෙයක් තමයි රාජපක්ෂලා පාර්ලිමේන්තුවේ ඡන්දය දෙන්න හිටියේ නැහැ ඇයි ඒ? මහින්ද රාජපක්ෂ,නාමල් රාජපක්ෂ වැනි අය හිටියේ නැහැ. අපි දන්නේ නැහැ රාජපක්ෂවරු අලුත් ගේමක් ගහන්න යනවද කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමා කාලයෙන් කාලයට ඒගොල්ලො පත්කළ ජනාධිපතිවරයා කරන කියන දේවල් ගැන ඒ අයට යම් කිසි ආකාරයක ගැටළු තියෙනවද කියලා දන්නේ නැහැ. නමුත් ඊයේ රාජපක්ෂවරුන් පාර්ලිමේන්තුවට ඡන්දය දෙන්න ආවේ නැහැ. ගෝල බාලයෝ ටික නම් ඡන්දය දුන්නා. ඒ නිසා සමහරවිට හැමදාම කරන දේ ගෝලයෝ යවලා ඒගොල්ලො ගෙවල් වල ඉන්න ඇති උඹලා ගිහිල්ලා ඡන්දය දීපන් අපි එන්න ඕන නැහැ කියලා මතයක් හදාගෙන. එහිදී අපිට පේන්න තියෙන දෙයක් තමයි මේක රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල අභියෝගයක්. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලිබරල්වාදියෙක් කියලා පෙන්වනවා ප්‍රජාතන්ත්‍රවාදී අදහස් දරන පුද්ගලයෙක් බවට සමාජය ඉදිරියේ පෙන්වනවා නමුත් ඒ සියලු දේ පෙන්නුවේ විපක්ෂයේ ඉන්නකොට. නමුත් ජනාධිපතිවරයා වුණාට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඒ ලිබරල්වාදී චින්තනයෙන් එහාට ගිහිල්ලා වැඩවසම් මානසිකත්වය හා ඒ චින්තනය තුළ එතුමා ගමන් කරනවා කියන එක මනාව පැහැදිලි වෙනවා. නැවත වතාවක් වික්‍රමසිංහ මැතිතුමා ඔප්පු කළා එයා ලිබරල්වාදියෙක්වත් ප්‍රජාතන්ත්‍රවාදයට හෝ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පුද්ගලයෙක් නෙමෙයි තවමත් ඉන්නේ වැඩවසම් යුගයේ කියන එක.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *