කොත්මලේ ප්‍රදේශයට ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක්

Graduation Cap and Diploma on White with Soft Shadow.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා විසින් , දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යයනය කිරීමේ පහසුකම් සහිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් කොත්මලේ ප්‍රදේශයේ ඉදිකිරීමට අදාළව ව්‍යාපෘති වාර්තාවක් සකස් කර ඇත.

රුවන් විජයවර්ධන මහතා පැවසූවේ , කොත්මලේ ප්‍රදේශයේ අක්කර 400ක පමණ ඉඩමක් මේ වෙනුවෙන් තෝරාගෙන ඇති අතර මෙම ඉඩමට තවත් අක්කර 200ක පමණ භූමි ප්‍රදේශයක් එක් කර ගැනීමට ද නියමිත බවත් , ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මෙම විශ්වවිද්‍යාලය ඉදිකිරීමට නියමිත අතර නේවාසිකාගාර ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ඉදිරියේ දී මෙහි ඉදිවීමට නියමිත බවයි .

එමෙන්ම ඉඩම වෙන් කර ගැනීමෙන් පසු මෙම විශ්වවිද්‍යාලය ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන් උදව් කිරීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති කාර්යාලය ද රුවන් විජයවර්ධන මහතා වෙත දැනුම් දී ඇති අතර එරට විශ්වවිද්‍යාලවල සහාය ද දේශගුණ විශ්වවිශ්වවිද්‍යාලයට ලබා දෙන බවට ද තනාපති කාර්යාලය පොරොන්දු වී තිබේ.

මෙම ප්‍රදේශය ගැන සොයා බැලීම සඳහා ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් පසුගිය දා කොත්මලේ ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාර්කාවක ද නිතරව ඇති අතර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ
අදාළ ව්‍යාපෘති වාර්තාව ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන බවයි .

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *