චර්ම රෝගයක් ගැන දැනුවත් කිරීමක්

චර්ම රෝගයක් ගැන දැනුවත් කිරීමක්

චර්ම රෝගයක් ගැන දැනුවත් කිරීමක්

වැලිමැස්සා දෂ්ඨ කිරීම හේතුවෙන් වැළඳෙන “ලිෂ්මනයිසීස්” (leishmaniasis) නමැති චර්ම රෝගය සහිත රෝගීන් දිවයිනේ පළාත් කිහිපයකින් බහුලව වාර්තා වන බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජ්.එච්.ඩී.ජනප්‍රිය පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණ යන පළාත්වලින් එම රෝගීන් බහුල වශයෙන් වාර්තා වන බවය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය ජ්.එච්.ඩී.ජනප්‍රිය මහතා පැවසුවේ “ලිෂ්මනයිසීස් රෝගය දැනට ලංකාවේ ඉතාම සුලබ රෝගයක් බවට පත්ව ඇති බවයි.

මෙහි රෝග වාහකයා වශයෙන් කටයුතු කරන වැලිමැස්සා කියන මි.මී 2 – 4ක පමණ දිගින් යුතු ළා දුඹුරු පාට රෝම සහිත ඉතා කුඩා මැසි වර්ගයක් ක්‍රියා කරන අතර ඔවුන් සන්ධ්‍යා කාලයේ සහ අලුයම් කාලයේ ඉතාම ක්‍රියාශීලි බවද හෙතෙම සඳහන් කළේය.

මෙම රෝගයේ රෝග ලක්ෂණ වශයෙන් හමේ පාට සහිත හෝ ළා රතුපාට, හමේ ගැටිත්තක්, ඉස්සුනු පැල්ලමක් හෝ ලොකු තුවාලයක් වශයෙන් දැනීම දැකිය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *