මානව හිමිකම් කවුන්සිලයේ 53වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික වාර්තාවක්

මානව හිමිකම් කවුන්සිලයේ 53වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික වාර්තාවක්

මානව හිමිකම් කවුන්සිලයේ 53වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික වාර්තාවක්

ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට සහය ලබාදීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සුදානම් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳව නියෝජ්‍ය මහකොමසාරිස් නාඩා අල් නෂීෆ් මහත්මිය පවසයි.

ජිනීවා හි පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 53වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික වාර්තාවක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය මහකොමසාරිස්වරිය මේ බව කියා සිටියේය.

ආර්ථික අර්බුදය බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම කෙරෙහි දැඩි බලපෑමක් ඇති කර තිබෙන බව ඇය පැවසුවාය.

එසේම නියෝජ්‍ය මහකොමසාරිස්වරිය කියා සිටින්නේ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ දේශපාලන පක්ෂ සමග ආරම්භ කර ඇති සාකච්ඡා පිළිබඳව සතුට පළ කළ කරන බවත් පුරාවිද්‍ය වන වගා හෝ ආරක්ෂක අරමුණු සඳහා ඉඩම් අත්පත් කරගැනීම නැවැත්වීමට ගෙන ඇති තීරණය පිළිබඳව ද ප්‍රසංශා පළ කර ඇති බවත්ය.

එසේම ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නීති සම්පාදනය කිරීමටද රජය පියවර ගත යුතු බවද ඇය පෙන්වා දී තිබේ.

පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ පැවැති විරෝධතා පාලනය කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බවද නියෝජ්‍ය මහකොමසාරිස්වරිය පැවසුවාය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට නව පත්කිරීම් කඩිනම් විය යුතු බව පෙන්වා දෙන නියෝජ්‍ය මහකොමසාරිස්වරිය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ සත්‍ය සෙවීමේ කොමිසමක් හෝ ඒ හා සමාන ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයක් සඳහා වන සැලසුම් ප්‍රකාශ කිරීම කෙරෙහි අවධානය යොමු විය යුතු බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *