වත්කම් බැරකම් ඉදිරිපත් කළ යුතු ලයිස්තුවට තවත් පිරිසක් – විජයදාස රාජපක්ෂ

0
වත්කම් බැරකම් ඉදිරිපත් කළ යුතු ලයිස්තුවට තවත් පිරිසක් - විජයදාස රාජපක්ෂ

වත්කම් බැරකම් ඉදිරිපත් කළ යුතු ලයිස්තුවට තවත් පිරිසක් - විජයදාස රාජපක්ෂ

වත්කම් බැරකම් ඉදිරිපත් කළ යුතු ලයිස්තුවට ජනාධිපතිවරයා, ආණ්ඩුකාරවරුන්, ස්වාධීන කොමිෂන් සභාවල කොමසාරිස්වරුන් තානාපතිවරුන් ඇතුළු තවත් පිරිසක් ඇතුළත් කිරීමට දූෂණ විරෝධී පනත් කෙටුම්පතෙන් ප්‍රතිපාදන සැලසෙන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී (21) පැවසීය.

වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරියේදී ඉදිරිපත් කළ යුතු පිරිසට ඇතුළත් වන සෙසු පිරිස වන්නේ මහ ඇමැතිවරුන්, පළාත් සභා ඇමැතිවරුන් මන්ත්‍රීවරුන්, තානාපති කාර්යාලවල විධායක නිලධාරීන් යැයිද ඔහු සදහන් කළේය. අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදයේදීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com