ලෝක බැංකුවෙන් ලංකාවට අ. ඩො. මිලියන 700ක ආධාරයක්

ලෝක බැංකුවෙන් පළමු වාරිකයේ ඩොලර් මිලියන 250ක් ලැබෙයි

ලෝක බැංකුවෙන් පළමු වාරිකයේ ඩොලර් මිලියන 250ක් ලැබෙයි

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක අයවැය සහ සුබසාධන ආධාර අනුමත කිරීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබේ.

ඒ අනුව ලබන 28වන දා පැවැත්වෙන මීළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී එම ආධාර මුදල අනුමත කිරීම සිදුවනු ඇති බවට එම පුවත් සේවය තව දුරටත් වාර්තා කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් පසුගිය මාර්තු මාසයේදී අමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න ණය සහනයක් ශ්‍රී ලංකාව වෙත ලබාදුන් අතර ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් බහුපාර්ශ්වික ආයතනවලින් අමෙරිකානු ඩොලර් බිලියන 4ක් දක්වා අමතර අරමුදල් ලැබෙනු ඇති බවට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *