පාකිස්ථාන නෞකාවට පසු, ඉන්දීය සබ්මැරීනයක් කොළඹ වරායට

පාකිස්ථාන නෞකාවට පසු, ඉන්දීය සබ්මැරීනයත් කොළඹ වරායට

පාකිස්ථාන නෞකාවට පසු, ඉන්දීය සබ්මැරීනයත් කොළඹ වරායට

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vagir’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා (19)වනන දා උදෑසන කොළඹ වරායට පැමිණ තිබේ.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘INS Vagir’ සබ්මැරීනය, දිගින් මීටර් 67.5ක් වේ.

මෙම නිල සංචාරයේදී, ‘INS Vagir’ සබ්මැරීනයේ මෙහෙයුම් ක්‍රියාකරීත්වය පිළිබඳව පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් පිරිසක් සහභාගීවීමට ද නියමිතව ඇත.

මෙම නිල සංචාරය නිමා කරමින් ලබන 22වන දින ‘INS Vagir’ සබ්මැරීනය දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

මේ අතර පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TIPPU SULTAN’ නෞකාව නිල සංචාරයක් සඳහා (18)වන දා උදෑසන කොළඹ වරායට සේන්දු විය.

එය හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාව සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමටද නියමිතව ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *