බේකරි නිෂ්පාදන මිල අඩු කිරීම, බලපත්‍ර ලාභීන්ට පමණක් තිරිගුපිටි ගෙන්වීමට දීමෙන් අත්හිටුවයි

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල පහළට

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල පහළට

පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන රුපියල් 10 කින් අඩු කිරීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබුණ ද බලපත්‍ර ලාභීන්ට පමණක් තිරිගුපිටි ගෙන්වීමට අවස්ථාව ලබා දීමට ගෙන ඇති තීරණය හේතුවෙන් පාන් බනිස් මිල අඩු කිරීමේ තීරණය අත්හිටුවීමට සිදු වූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි.

බලපත්‍රය ක්‍රම යටතේ තිරිගු පිටි ගෙන්වීමට රජයේ ක්‍රියාකිරීම තුළින් තිරිඟු පිටි සමාගම් දෙකට පාරිභෝගිකයා ගසාකෑමට තවත් ඉඩ සලසා ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමට අනුව පාන් බනිස් මිල අඩු කිරීමට තීරණය කර තිබූ බවද ඔහු කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *