ස්ථාන මාරුවීම් ලබා නව රාජකාරිවලට වාර්තා නොකළ ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවීමට පොරොන්දු වුනා – ලංකා ගුරු සංගමය

ස්ථාන මාරුවීම් ලබා නව රාජකාරිවලට වාර්තා නොකළ ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවීමට පොරොන්දු වුනා - ලංකා ගුරු සංගමය

ස්ථාන මාරුවීම් ලබා නව රාජකාරිවලට වාර්තා නොකළ ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවීමට පොරොන්දු වුනා - ලංකා ගුරු සංගමය

ස්ථාන මාරුවීම් ලබා තිබියදීත් නව රාජකාරිවලට වාර්තා නොකළ ජාතික පාසල් ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවීමට අමාත්‍යංශ ලේකම්වරයා පොරොන්දු වූ බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කරයි.

ඒ අනුව, ලබන 19වනදා වන විට ස්ථාන මාරුවීම් ලැබූ පාසල්වල සේවයට වාර්තා නොකළ හොත් ඔවුන්ගේ වැටුප් නැවැත්වීමටත් තවදුරටත් ගතයුතු ක්‍රියාමාර්ග ගැනීමටත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එම්.එන්. රණසිංහ සමඟ කළ සාකච්ඡාවකදී පොරොන්දු වූ බව සභාපතිවරයා පැවසීය.

එමෙන්ම, එම මාරුවීම් සිදුකළ පාසල්වලින් නිදහස් කරන ලෙස විදුහල්පතිවරුන්ට දැනුම් දීම් කර තිබියදීත් මෙතෙක් කලක් රාජකාරිය පැහැර හරිමින් කටයුතු කළ විදුහල්පතිවරුන්ටද ආයතන සංග්‍රහය අනුව කටයුතු කෙරෙන බවද හෙතෙම සඳහන් කළේ ය.

ඉකුත් 12දා වන විට අදාළ පාසල්වලට වාර්තා කරන ලෙසට විදුහල්පතිවරුන් මගින් අවසාන දැනුම් දීම කර තිබියදීත් එයද නොසලකා හැර කටයුතු කළ ගුරුවරුන් සිටි බව ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කරයි.

අගනුවර මෙන්ම සෑම දිස්ත්‍රික්කයකම ඉතාම ජනප්‍රිය ජාතික පාසල්වල ගුරුවරුන් මෙය සිදුකර ඇත. ජාතික පාසල් ගුරුවරු ‍දොළොස් දහසක් (12,000) මේ වසරේ ස්ථාන මාරුවීම් සිදුකර ඇති අතර ඉන් පන්සීයක් (500) අදාළ පාසලේ සේවයට වාර්තා නොකර සේවය කළ පාසලේම බලහත්කාරයෙන් රැඳී සිට ඇත.

එමෙන්ම, ඔවුන්ට අභියාචනා ඉදිරිපත් කරන්නේ නම් ස්ථාන මාරුවීම් ලැබූ පාසලේ සේවයට වාර්තා කිරීමෙන් අනතුරුව සිදුකරන ලෙසට දන්වා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *