නැව් අනතුරු ගැන සොයන්න විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරයි
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි
නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබෙනවා.
(06) පාර්ලිමේන්තු කටයුතු අරඹමින් කථානායකවරයා විසින් මේ බව සඳහන් කළා. මෙම කාරක සභාවේ සභාපතීත්වයට වෛද්‍ය රමේෂ් පතිරණ මහතා නම් කර තිබෙනවා.




