ගෝලීය පාරිසරික ශිෂ්ටාචාරය ගොඩනැගීම පිළිබඳ 2023 Erhai සමුළුව

ගෝලීය පාරිසරික ශිෂ්ටාචාරය ගොඩනැගීම පිළිබඳ 2023 Erhai සමුළුව

ගෝලීය පාරිසරික ශිෂ්ටාචාරය ගොඩනැගීම පිළිබඳ 2023 Erhai සමුළුව

ගෝලීය පාරිසරික ශිෂ්ටාචාරය ගොඩනැගීම පිළිබඳ 2023 Erhai සමුළුව චීනයේ යුන්නාන් පළාතේ ඩාලි නගරයේදී පැවැත්විණ. “මිනිසා සහ සොබාදහම සමගියෙන්, නවීකරණයේ මාවතක් කරා” යන්න මෙවර සමුළුවේ තේමාවයි.

සමුළුවට චීන හා විදේශීය විශේෂඥයින්, විද්වතුන් සහ ආරාධිත අමුත්තන් 400 කට ආසන්න පිරිසක් රාජ්‍ය ආයතන, ජාත්‍යන්තර සංවිධාන, තානාපති කාර්යාල, අධ්‍යාපන ආයතන සහ ව්‍යවසායන් නියෝජනය කරමින් සහභාගී විය.මෙම සංසදයට චීන ජාත්‍යන්තර සන්නිවේදන සමූහය, යුන්නාන් පළාත් මහජන රජය සහ චීන මහජන සම්බන්ධතා සංගමය එක්ව අනුග්‍රහය දැක්වීය.

2023 Erhai සංසදයට සමාන්තරව උපසංසද කිහිපයක් ද පැවැත්විණ. එහි එක් උප සංසදයක් – “චීන ශෛලියේ නවීන පාරිසරික දර්ශනයේ ජාත්‍යන්තර සන්නිවේදන ආඛ්‍යාන ප්‍රකාශනය” යන තේමාව ඔස්සේ පැවැති අතර ඒ සඳහා චීන ජාත්‍යන්තර ප්‍රකාශන සමූහයේ ජාත්‍යන්තර සන්නිවේදන සංවර්ධන මධ්‍යස්ථානය, බීජිං විදේශ අධ්‍යයන විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ජනමාධ්‍ය හා සන්නිවේදන පාසල සහ යුන්නාන් පළාතේ ආසියාව සහ අග්නිදිග ආසියාවේ කලාපීය ජාත්‍යන්තර සන්නිවේදන මධ්‍යස්ථානය සමසත්කාරකත්වය දැක්වීය.

මෙම සංසදයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චීනයේ යුන්නාන් විශ්වවිද්‍යාලයේ විදේශ භාෂා පාසලේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සුගත් රත්නායක මහතා සහභාගි විය. එහිදී ඔහු “ලෝක ප්‍රජාව මුහුණ දෙන පාරිසරික අභියෝග සහ චීන පාරිසරික ජයග්‍රහණ” යන තේමාව ඔස්සේ දේශනයක් පැවැත්වීය. සිය දේශනයේදී ඔහු අවධාරණය කළේ ගෙවි ගිය ශත වර්ෂය තුළ දුර්ලභශාඛ හා සත්ව විශේෂ 500 ක් පමණ ලෝකයට අහිමි වී ඇති බව නවතම පරීක්ෂනවලින් හෙළි වී ඇති බවයි.මනුෂ්‍ය වර්ගයා ස්වභාව ධර්මයට කර ඇති හානිය ආපසු හැරවීමට ලෝකයේ උත්සාහයන් ප්‍රමාණවත් නොවන බවද ඔහු පැවසීය.

සමුළුවේදී විශ්ව විද්‍යාල, මාධ්‍ය, ප්‍රකාශන, චිත්‍රපට සහ රූපවාහිනී, බුද්ධි මණ්ඩල සහ ජාත්‍යන්තර සන්නිවේදනයට සම්බන්ධ වෙනත් ක්ෂේත්‍රවල ප්‍රවීණයන් සහ විද්වත්හු නවීන පාරිසරික සංකල්පයේ ජාත්‍යන්තර සන්නිවේදනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කරමින් දැනුම හුවමාරු කරගත්හ.

මෙම සංසදයේදී ජාත්‍යන්තර සන්නිවේදනය සඳහාවූ චීන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ප්‍රධාන කර්තෘYin Jie, චීනයේ කාලගුණ විද්‍යා පරිපාලනයේ ප්‍රධාන විශේෂඥ Song Yingjie, මියන්මාරයේ North Star Weekly හි ප්‍රධාන කර්තෘU Win Tin, යුන්නාන් ඩේලි පුවත්පත් සමූහයේ නියෝජ්‍ය ප්‍රධාන කර්තෘ-Wang Tingyao, බෙයිජිං විදේශ අධ්‍යයන විශ්ව විද්‍යාලයේ කලාපීය සහ ගෝලීය පාලනය පිළිබඳ ඇකඩමියේ උපපීඨාධිපති Zhou Xinyu, බෙයිජිං ගුරු විශ්ව විද්‍යාලයේ සාහිත්‍ය පාසලේ මහාචාර්ය Xu Hailong, ෂැංහයි ගුවන් විදුලි හා රූපවාහිනී මධ්‍යස්ථානයේ වාර්තා වැඩසටහන් මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Zhou Quan, චීන කෘෂි විශ්ව විද්‍යාලයේ සම්පත් හා පාරිසරික විද්‍යාව පිළිබඳ පාසලේ සහකාර මහාචාර්යJinKemo සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලයේ ජ්‍යෙෂ්ඨ කර්තෘJenifer Windall ඇතුළු විද්වතුන් පිරිසක් දේශන පැවැත්වීය.

පළමු Erhai සංසදය 2021 ඔක්තෝම්බර් මාසයේදී නිරිත දිග චීනයේ යුන්නාන් පළාතේ ඩාලිහිදී පැවැත්විණි. ජෛව විවිධත්වය පිළිබඳ සම්මුතියේ (COP15) පාර්ශවකරුවන්ගේ සම්මේලනයේ 15 වන රැස්වීමේ පළමු අදියරට පෙර මෙම සංසදය පැවැත්වුණේ ජෛව විවිධත්ව සංරක්ෂණය සහ ගෝලීය පාරිසරික පාලනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගෙනයි.

– dinamina

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *