එංගලන්ත ක්‍රිකට් නායක බෙන් ස්ටොක්ස්ගෙන් අලුත්ම වාර්තාවක්

අලුත්ම වාර්තාවකට හිමිකම් කියන එංගලන්ත නායක බෙන් ස්ටොක්ස්

අලුත්ම වාර්තාවකට හිමිකම් කියන එංගලන්ත නායක බෙන් ස්ටොක්ස්

සංචාරක අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති පළමු සහ එකම ටෙස්ට් තරගය කඩුලු 10කින් ජය ගැනීමට සත්කාරකයෝ සමත් වූහ. මේ ජයග්‍රහණය සමඟ අලුත්ම වාර්තාවකට හිමිකම් කීමට එංගලන්ත නායක බෙන් ස්ටොක්ස්ට හැකි විය.

ඔහු මේ තරගයේදී පන්දුවට පහර දීම, පන්දු යැවීම හෝ පන්දු රැකීම සිදු නොකළ අතර, ඒ සමඟ වසර 145ක් පැරණි ටෙස්ට් ඉතිහාසය තුළ පිතිකරණය, පන්දු යැවීම හෝ පන්දු රැකීමට දායකත්වය නොදෙමින් ටෙස්ට් තරගයක් ජයගත් පළමු නායකයා ලෙස ස්ටොක්ස් වාර්තා පොතට එක් විය.

මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්ත පළමු ඉනිම ලකුණු 172කට සීමා කළ එංගලන්ත ක්‍රීඩකයෝ පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 524ක් රැස් කිරීමට සමත් වූහ. ලකුණු 352ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරඹූ අයර්ලන්තය ලකුණු 362ක් රැස් කළේ එංගලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 11ක ඉලක්කයක් දෙමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *