මහියංගනය පුදබිම පූජා භූමියක් කරයි

0
මහියංගනය පුදබිම පූජා භූමියක් කරයි

මහියංගනය පුදබිම පූජා භූමියක් කරයි

ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගන රජමහා විහාරාධිපති මහෝපාධ්‍යාය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන් වෙත පිළිගැන්වීය.

මෙත් සවිය නිර්මාතෘ තාරකා විද්‍යාඥ, කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් “මෙත් සවිය මනස අධ්‍යාපන මෛත්‍රී සංසදය “මගින් විල්ලුව වැව මධ්‍යයේ ඉදිකළ අඩි 102ක් පමණ උසින් යුත් සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරිම සනිටුහන් කරමින් සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

ඓතිහාසික මහියංගනය මහ සෑ රඳුන්ගේ ආරක්ෂාව පිණිසත්, විහාර අලංකරණය පිණිසත් ඉදිකළ අඩි 2500ක දිගින් යුත් වලාකුළු බැම්ම විවෘත කිරීමට අදාළ සමරු ඵලකයද ජනාධිපතිවරයා අතින් නිරාවරණය කෙරිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com