රුපියල ශක්තිමත් වෙයි; රන් මිල තවදුරටත් පහළට

රුපියල ශක්තිමත් වෙයි; රන් මිල තවදුරටත් පහළට

රුපියල ශක්තිමත් වෙයි; රන් මිල තවදුරටත් පහළට

මෙරට වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු ලෙස (29) දිනයේ ඉහළ ගොස් තිබේ.

පසුගිය සඳුදා (22) ඩොලරයක ගැනුම් මිල 298ක් ලෙසද, පසුගිය සිකුරාදා (26) රුපියල් 292ක් ලෙස ඩොලරයක ගැනුම් මිල වාර්තා විය. (29) දිනයේ බැංකු කිහිපයක ඩොලරයක ගැනුම් මිල රු. 280 පරාසයට පැමිණ ඇත.

මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්.

මහජන බැංකුව – රු. 287.09 – රු. 302.53
සම්පත් බැංකුව – රු. 290 – රු. 302
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 290.00 – රු. 302
සෙලාන් බැංකුව – රු. 287 – රු. 303
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.289 – රු. 305
එන්.ඩී.බී. (NDB) – රු. 288.00 – රු. 301.00
අමානා බැංකුව – රු. 293.50 – රු.300.50
ලංකා බැංකුව – රු.295.00 – රු. 309.42

මේ අතර (29) දිනයේ ශ්‍රී ලංකාවේ රත්‍රං මිල ගණන් තවදුරටත් පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ තොරතුරු වාර්තා කරයි.

ඒ අනුව (29) දිනයේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 150,800ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ තොරතුරු වාර්තා කරයි.

තවද කැරට් 24 රන් පවුමක මිල රුපියල් 163,000ක් දක්වා පහත වැටී ඇති බවද කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ තොරතුරු වාර්තා කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *