සුබසාධක ප්‍රතිලාභ ජූලි මස සිට සෘජුවම බැංකු ගිණුමට

0
සුබසාධක ප්‍රතිලාභ ජූලි මස සිට සෘජුවම බැංකු ගිණුමට

සුබසාධක ප්‍රතිලාභ ජූලි මස සිට සෘජුවම බැංකු ගිණුමට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාවට නංවන ලද “අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම මෙන්ම සමෘද්ධි සහ වැඩිහිටි ආධාර ඇතුළු දැනට රජය මගින් ලබා දෙන සුබසාධක මූල්‍යාධාර ජූලි මස සිට සෘජුවම ප්‍රතිලාභියාගේ බැංකු ගිණුමට බැර කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

සුබසාධක ප්‍රතිලාභීන් සිය දීමනා ලබා ගැනීමට යෑමේදී මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය උපුටා දක්වමින් ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.

එසේම බැංකු ගිණුම් නොමැති ප්‍රතිලාභීන්ටද බැංකු ගිණුම් විවෘත කිරීමටද අවශ්‍ය පියවර ගෙන ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න මහතා පෙන්වා දී තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com