නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී එරටදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් පිරිසක් (09)වැනි දා දිවයිනට පැමිණ තිබේ.

ඔස්ට්‍රේලියාවට අයත් ඒ.එස්.වයි 013 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකු පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. එම පිරිසෙන් වැඩි දෙනෙක් යාපනය සහ වාලච්චේන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් ද මෙහිදී පැමිණ ඇති අතර ඔවුන් විසින් අදාළ ශ්‍රී ලාංකිකයන් මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී ඇත.

මෙම පිරිස බහුදින ධීවර යාත්‍රා මගින් මුහුදු මාර්ගයෙන් ගොස් ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී, එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ක්‍රිස්මස් දූපතෙහි රඳවා සිට ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *