ඉන්දීය ඩොලර් බිලියන 1හි ණය පහසුකමෙහි වලංගු කාලය තවත් වසරකින් දීර්ඝ කරයි

ඉන්දීය ණය ඩොලර් බිලියන 1ක පහසුකමෙහි වලංගු කාලය තවත් වසරකින් දීර්ඝ කරයි

ඉන්දීය ණය ඩොලර් බිලියන 1ක පහසුකමෙහි වලංගු කාලය තවත් වසරකින් දීර්ඝ කරයි

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දුන් ඩොලර් බිලියන 1ක ණය පහසුකම (credit line) සඳහා වලංගු කාලසීමාව තවත් වසරකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බන රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර සිටී.

පසුගිය 2022 වසරේ මුල් භාගයේ දී ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටි අවස්ථාවේ දී ඉන්දියාව විසින් ලබා දුන් ඩොලර් බිලියන 4ක හදිසි ආධාරවලින් කොටසක් ලෙස ලැබුණු ඩොලර් බිලියන 1ක ණය පහසුකමෙහි කාලය පසුගිය මාර්තු මාසයේ දී අවසන් වීමට නියමිතව තිබුණි. ඉන්දියාව සමඟ කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසින් එම ණය පහසුකම 2024 මාර්තු මාසය දක්වා දීර්ඝ කර ගැනීමට හැකි වූ බව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ප්‍රියන්ත රත්නායක මහතා රොයිටර් පුවත් සේවය වෙත පවසා තිබේ.

මෙම ණය පහසුකම ප්‍රධාන වශයෙන් ඉන්දියාවෙන් ඖෂධ සහ ආහාර සඳහා ආනයනය සඳහා භාවිතයට ගැනුණි. අදාළ ණය පහසුකමෙන් තවත් ඩොලර් මිලියන 350ක් පමණ ඉතිරි වී තිබෙන බව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා වැඩිදුරටත් පවසා ඇත.

සාමන්‍යයෙන් මෙවැනි ණය පහසුකමක් කොන්දේසිවලට යටත් වන අතර එය නිශ්චිත කාලසීමාවක් තුළ භාවිතා කර අවසන් කළ යුතුවේ. එහිදී නිශ්චිතව දක්වා ඇති භාණ්ඩ කිහිපයක් පමණක් ආනයනය සඳහා අදාළ ණය පහසුකම භාවිතයට ගත හැකි වනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *