අධිවේගී මාර්ගයේ රථවාහන නතර කිරීම තහනම්

අධිවේගී මාර්ගයේ වේග සීමාව අඩු කරයි

අධිවේගී මාර්ගයේ වේග සීමාව අඩු කරයි

අලුත් අවුරුදු සමය හේතුවෙන් මේ දිනවල දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ කටුනායක අධිවේගී මාර්ගයේ ඇතැම් ස්ථානවල රථවාහන තදබදයක්ද උත්ගත වී තිබෙනවා.

එමෙන්ම අධිවේගී මාර්ග දෙපස ඇතැම් ස්ථාන වල වාහන නතරකරමින් විවිධ පිරිස් එළිමහනේ රැඳී සිටින බවටද තොරතුරු වාර්තාවනවා.

මේ පිලිබඳව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දන්වා සිටින්නේ, කාර්මික දෝෂයකට හැර වෙනත් හේතුන් මත රථවාහන අධිවේගී මාර්ගයන්හි නතර කිරීම තහනම් වන බවයි.

කාර්මික දෝෂයන් මතු වුවද රථයෙන් එලියට නොපැමිණ අදාළ අංශයන් දැනුවත් කර සහය පැමිණෙන තෙක් රථය තුලම රැඳී සිටින ලෙස ඔහු වැඩිදුරටත් දන්වා සිටිනවා.

වෙනත් හේතුන් මත රථවාහන මාර්ගය දෙපස නතරකොට සිටින පිරිස් වෙත නිතිය ක්‍රියාත්මක කර අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්න බවයි වාර්තා වන්නේ.

විවේකීවා කාලය ගත කිරීමට අධිවේගී මාර්ගයන්හි ඉඩ සලස්වා ඇති තැන්වල පමණක් රථවාහන නවත්වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *