පෞද්ගලික ණය හිමියන් විසින් ණය ප්‍රතිව්‍යූහගත කරන පළමු යෝජනාව මෙරට බලධාරීන් වෙත

පෞද්ගලික ණය හිමියන් විසින් ණය ප්‍රතිව්‍යූහගත කරන පළමු යෝජනාව මෙරට බලධාරීන් වෙත

පෞද්ගලික ණය හිමියන් විසින් ණය ප්‍රතිව්‍යූහගත කරන පළමු යෝජනාව මෙරට බලධාරීන් වෙත

ශ්‍රී ලංකාවට ණය සහන ලබා දී ඇති පෞද්ගලික ණය හිමියන් විසින් ණය ප්‍රතිව්‍යූහගත කරන වැඩපිලිවෙල පිළිබඳ පළමු යෝජනාව මෙරට බලධාරීන් වෙත යොමුකර ඇති බවට වාර්තා වනවා.

ඔවුන් සතු බැදුම්කරවල වටිනාකම ඩොලර් බිලියන 12ක් වන බවයි සඳහන් වන්නේ.

ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවැත්වෙන ස්ප්‍රින් සමුළුවට සමගාමීව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් සිය සැලැස්ම ජපානය ප්‍රංශය සහ ඉන්දියාව ප්‍රකාශයට පත්කළා.

ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති පෞද්ගලික ණය හිමියන්ගේ කමිටුව මගින් ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ පළවූ යෝජනාව මෙරට බලධාරීන්ට එවා ඇති බවට වාර්තා පළවනවා. මෙම යෝජනාව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමක් සිදුව නැති අතර ණය හිමියන් තිස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පමණක් මීට ඇතුළත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ගෝලීය ආයෝජන සමාගම්වන අමුන්ඩි ඇසෙස්ට් මැනේජ්මන්ට්, බ්ලැක්රොක්, එච් බී කේ කැපිටල් මැනේජ්මන්ට් සහ ටී රෝව් ප්‍රයිස් ඇසෝටියේටස් ඊට ඇතුළත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බැදුම්කර හිමියන් සහ රජයේ නිලධාරීන් වොෂින්ටන් නුවරදී හමුව ඇති අතර දෙපාර්ශ්වයේම නීති සහ මූල්‍ය උපදේශකයින් පැමිණ ඇති බවටත් වාර්තා පළවනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *