රිළවුන් 100,000 චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබා දෙන්න ඉල්ලීමක්

රිලවුන් ගැන වනජීවී දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිඥාවක්

රිලවුන් ගැන වනජීවී දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිඥාවක්

ශ්‍රී ලංකාවේ රිළවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබා දෙන ලෙස චීන නියෝජිතයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම ඉල්ලීම අනුව අප රටේ රිළවුන් 100,000 පළමු අදියර යටතේ ලබාදීම සඳහා විශේෂ සාකච්ඡාවක් (11) දින බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවත්වූ බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශය, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරින් එක්ව සිටියා.

මෙම සාකච්ඡාව අනුව මෙරට රිළවුන් විදේශ රටක් සඳහා ලබා දීමේ දී පවතින නීතිමය තත්ත්වයන් සම්බන්ධව කරුණු අධ්‍යයනය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත කමිටුවක් පත් කිරීමට පියවර ගත යුතු බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

එම කමිටුවට කෘෂිකර්ම අමාත්‍යාංශය, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව,වනජීවි දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින්ද ඇතුළත් විය යුතු බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මෙම කමිටුව වහාම පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සැකසීමට නියමිතයි.

දැනට අප රටේ රිළවුන් ගහනය ලක්ෂ 30කට ආසන්න බව හෙළිදරව් වී තිබෙනවා.

මෙරට වගා හානි සිදු කරන සතුන් අතර ප්‍රමුඛතමයා වන්නේද රිළවායී. රිළාගහනය අවම කර ගැනීම සඳහා රජය විසින් මෙතෙක් ගත් සියලු උත්සාහයන් ව්‍යවර්ථ වී ඇති බවද අමාත්‍යාංශය ප්‍රකාශ කළා

රිළවුන් ගෙන් සිදුවන හානිය ගත් කළ බෝගහානි සඳහා වැඩිම තීව්‍රතාවය නැතහොත් උග්‍රහානිය වාර්තා වී තිබෙන්නේ ද රිළවුන් ගෙන් බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනයේ සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

ගොවිජන සංවර්ධන බල ප්‍රදේශ 250ක් ආශ්‍රිතව සිදු කරන ලද සමීක්ෂණ අනුව රිලවුන් විසින් බල ප්‍රදේශ 110ක පූර්ණ හානිද, බලප්‍රදේශ 235ක උග්‍ර හානිද 155ක අර්ධ හානිද, සිදු කරනු ලැබ තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *