ගොවිජන වනසත්ත්ව ගැටුම් කළමනාකරණය සඳහා වන ඒකකයක් පිහිටුවීමට යෝජනාවක්

ගොවිජන වනසත්ත්ව ගැටුම් කළමනාකරණය සඳහා වන ඒකකයක් පිහිටුවීමට යෝජනාවක්

ගොවිජන වනසත්ත්ව ගැටුම් කළමනාකරණය සඳහා වන ඒකකයක් පිහිටුවීමට යෝජනාවක්

ගොවි ජනතාව සහ වනසත්ත්ව ගැටුම් කළමනාකරණය සඳහා වූ ඒකකයක් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පිහිටුවීමට යෝජනා කර තිබෙනවා.

ඒ අනුව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය විසින් නිර්දේශ කර ඇත්තේ මේ වනවිට රටේ පවතින වන ගහනයට සාපේක්ෂව දරාගත නොහැකි අන්දමට වනසත්ත්ව ගහනය ඉහළ ගොස් ඇති බැවින් කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුබද්ධව ගොවිජන වනසත්ත්ව ගැටුම් කළමනාකරණය සඳහා වන ඒකකයක් (Agrarian – Wildlife Conflict Management Unit) ස්ථාපිත කරන ලෙසයි.

වගාවන්ට සිදුවන වනසත්ත්ව හානි අවම කිරීම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, සත්ත්ව අයිතින් සුරැකීමේ සංවිධානවල සාමාජිකයින් ඇතුළු පිරිස්වල සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවක ප්‍රතිපලයක් වශයෙන් එහි වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ඉදිරිපත් කර තිබෙනවා.

එම වාර්තාවේ දැක්වෙන්නේ මෙරට වනසත්ත්ව ගහනය පවතින වන ගහනයට සාපේක්ෂව මේ වන විටත් ඉහළ ගොස් ඇති බවයි. මේ හේතුවෙන් වාර්ෂිකව වනසතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව සඳහන්.

එමෙන්ම වගාවන්ට හානි සිදු කරන සතුන් වර්ග පහක් හඳුනාගෙන ඇති අතර රිළවා, මොනරා, දඬුලේනා, වඳුරා හා වල් ඌරා ඒ අතර ප්‍රධාන වනවා.

කෙසේ වෙතත් වන සතුන්ගෙන් සිදුවන හානිය හේතුවෙන් රටට අහිමි වන පළතුරු හා එළවලුවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 200 – 250ත් අතර වනවා.

එම කමිටුව විසින් ‌ගොවිජන වනසත්ත්ව ගැටුම් කළමනාකරණය සඳහා වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනතට අවශ්‍ය සංශෝධන සිදු කිරීම, පනතේ සංරක්ෂණය කළ යුතු සතුන් ලැයිස්තුවෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා බරපතල හානි ඇති කරන පලිබෝධකයන් බවට පත්ව ඇති සතුන් තාවකාලිකව ඉවත් කිරීම යෝජනා කර ඇති බව සඳහන්.

මීට අමතරව පතුරම් තුවක්කු භාවිතය සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන යාවත්කාලීන කිරීම, මහා පලිබෝධකයන්ගේ හානිය වැඩිපුර දක්නට ලැබෙන තෝරාගත් ප්‍රදේශවල සත්ත්ව මාංශ අලෙවිය හා පරිභෝජනයට ඇති නීතිමය බාධා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ද අනුදැනුම සහ සහයෝගය ඇතිව ලිහිල් කිරීමටත් එම වාර්තාව මගින් යෝජනා කර තිබෙනවා.

කෙසේ වෙතත් දිගුකාලීන, මධ්‍ය කාලීන හා කෙටිකාලීන වශයෙන් ක්‍රියාත්මක කළ යුතු යෝජනා රැසක් මෙම විද්වත් කමිටුව විසින් නිර්දේශ කර ඇති බව සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *