මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරිපිටි Kg 1780ක් හා රු. ලක්ෂ 80ක් වටිනා කිරි පිටි ආශ්‍රිත නිෂ්පාදන STF අත්අඩංගුවට

0
දැනෙන ගණනකින් කිරිපිටි මිල පහළට

දැනෙන ගණනකින් කිරිපිටි මිල පහළට

මිනිස් පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ කිරිපිටි හා ඒ ආශ්‍රිත නිෂ්පාදනවලට යොදා ගන්නා ද්‍රව්‍ය ඇතුලත් ගබඩාවක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෝදර පර්ගියුසන් ප්‍රදේශයේ දී හා වේල්ලවීදිය ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර තිබුණා.

එහිදී බේදා හැරීමට සුදානම් කර තිබු කල්ඉකුත් වු කිරිපිටි කිලෝ ග්‍රෑම් 1780ක් හා කල්ඉකුත් වු කිරි පිටි ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු රුපියල් ලක්ෂ 80ක් වටිනා ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් බලකාය සඳහන් කළේ.

ගබඩාවේ හිමිකරු / ගබඩා පාලකවරයා හා කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් කොළඹ 5 වත්තල හා බදුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් වැඩිදුර විමර්ශන සදහා පාරිභෝගික සේවා අධිකාරීයට භාර දීමටකටයුතු කළ බව සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com