සාමය, සංහිඳියාව ගැන අත්දැකීම් ලබා ගන්න නියෝජිත කණ්ඩායමක් දකුණු අප්‍රිකාවට

සාමය, සංහිඳියාව ගැන අත්දැකීම් ලබා ගන්න නියෝජිත කණ්ඩායමක් දකුණු අප්‍රිකාවට

සාමය, සංහිඳියාව ගැන අත්දැකීම් ලබා ගන්න නියෝජිත කණ්ඩායමක් දකුණු අප්‍රිකාවට

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය අලි සබ්රි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායමක් (21) දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඒ මෙරට ජාතීන් අතර සාමය, සංහිඳියාව තවදුරටත් තහවුරු කිරීමේ අරමුණින් ස්ථාපිත කිරීමට නියමිත සත්‍ය සෙවීමේ කොමිසමේ කටයුතු විධිමත්ව, සාර්ථකව කළ යුත්තේ කෙසේද යන්න පිළිබදව දකුණු අප්‍රිකානු රජයේ අත්දැකීම් ලබා ගැනීමේ අරමුණින්.

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් S.E.Schalk මහතා පසුගියදා අධිකරණ අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ තම රට තුළ ස්ථාපිත කර ඇති සත්‍ය සෙවීමේ කොමිසමේ කටයුතු කරනු ලබන ආකාරය පිළිබදව අත්දැකීම් ලබා ගැනීම සදහා පැමිණෙන ලෙස විශේෂ රාජ්‍ය තාන්ත්‍රික ආරාධනාවක් කළ අතර ඒ අනුවයි මෙම සංචාරය සංවිධානය කර ඇත්තේ.

ගැටුම්කාරී වාතාවරණයන්ගෙන් පසුව ලෝකයේ රටවල් තුළ සාමය හා සංහිදියාව වැඩි දියුණු කිරීමට පිහිටවනු ලැබූ කොමිෂන් සභා අතරින් සාර්ථක කාර්යභාරයක් ඉටු කළ ආයතනයක් වශයෙන් දකුණු අප්‍රිකාවේ සත්‍ය සෙවීමේ කොමිසම හැදින්විය හැකි අතර, එහි කටයුතු සිදු කරන ආකාරය නිරීක්ෂණය කිරීම මෙම සංචාරයේ අරමුණ බවයි අධිකරණ අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *