මැදපෙරදිග යුද්ධය නිසා බලශක්ති පිරිවැය 24% කින් ඉහළ යා හැකියි – ලෝක බැංකුව

0
මැදපෙරදිග යුද්ධය නිසා බලශක්ති පිරිවැය 24% කින් ඉහළ යා හැකියි – ලෝක බැංකුව

මැදපෙරදිග යුද්ධය නිසා බලශක්ති පිරිවැය 24% කින් ඉහළ යා හැකියි – ලෝක බැංකුව

මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් වාර්තාගත ලෙස ගෝලීය බලශක්ති සැපයුම් සඳහා බලපෑම් එල්ල වී ඇති බවත් එය භාණ්ඩ මිලෙහි විශාල වැඩිවීමකට බලපෑම් එල්ල කරනු ඇති බවත් ලෝක බැංකුව අනතුරු අඟවා තිබේ.

එසේම මෙම තත්ත්වය මත උද්ධමනය ඉහළ ගොස් ලොව පුරා ආර්ථික වර්ධනය මන්දගාමී වන බව ලෝක බැංකුවට ද පුරෝකථනය කර ඇත.

ඉරානයට එරෙහි අමෙරිකානු-ඊශ්‍රායල යුද්ධයේ මුල් අවධියේදී තීරණාත්මක හෝමූස් සමුද්‍ර සන්ධියේ බලශක්ති යටිතල පහසුකම් සහ නැව්ගත කිරීම සඳහා එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ගෝලීය තෙල් සැපයුම දිනකට බැරල් මිලියන 10 කින් පමණ අඩු වී ඇති බව බදාදා නිකුත් කරන ලද ලෝක බැංකුවේ වෙළෙඳ භාණ්ඩ වෙළඳපොළ ඉදිරි දැක්මට අනුව සඳහන් වේ.

මෙම වසරේ බලශක්ති මිල 2022 වසරෙන් පසු ඉහළම මට්ටමට එනම් සියයට 24කින් ඉහළ යනු ඇති අතර සමස්ත භාණ්ඩ පිරිවැය සියයට 16 කින් ඉහළ යනු ඇති බව ලෝක බැංකුව පෙන්වා දෙන අතර මෙම යුද්ධය “ඉතිහාසයේ විශාලතම බලශක්ති සැපයුම් කම්පනය” ඇති කර ඇති බව ප්‍රකාශ කරයි.

එසේම පවතින ගැටුම උත්සන්න වුවහොත් තෙල් මිල තවදුරටත් ඉහළ යා හැකි බවටද සඳහන් වේ.

මේ අතර ස්වාභාවික ගෑස් මිලද ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, කලාපීය ස්වාභාවික ගෑස් මිල මෑත සතිවල ඉහළ ගොස් තිබේ.

මීට අමතරව පොහොර මිල මේ වසරේ සියයට 31කින් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, යූරියා සියයට 60ක වැඩිවීමක් හේතුවෙන් කෘෂිකාර්මික නිෂ්පාදනය සහ ආහාර මිල ගණන් වැඩිවීමක් පිළිබඳවද අනාවරණය කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com