එමිරේට්ස් රාජ්‍යය ‘ඔපෙක්’ සංවිධානයෙන් ඉවත් වෙයි
එමිරේට්ස් රාජ්‍යය ‘ඔපෙක්’ සංවිධානයෙන් ඉවත් වෙයි
මැදපෙරදිග කලාපයේ යුද උණුසුම තවදුරටත් පැවතීම සැලකිල්ලට ගෙන ලෝක ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානයෙන් (ඔපෙක්) ඉවත්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අවධානය යොමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
1960 දී පිහිටුවා ගත් එම සංවිධානයේ දශක ගණනාවක් පැරැණි සාමාජිකයකු වන එමිරේට්ස් රාජ්‍යය ඉන් ඉවත්වීම එරට මූල්‍යමය වශයෙන් වඩාත් ස්වාධීන තත්ත්වයකට හේතුවනු ඇතැයි බලශක්ති පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති උපදේශක කැලේබ් ජසෝ ප්‍රකාශ කර තිබේ.
ඔපෙක් සංවිධානයේ තවත් ආරම්භක සාමාජිකයකු වන ඉරානය වෙතින් එල්ල වූ ප්‍රහාරවලින් එමිරේට්ස් රාජ්‍යයේ තෙල් පිරිපහදු යටිතල පහසුකම්වලට සැලකිය යුතු හානි සිදුවී ඇති අතර, එය එරට ආර්ථිකයට බලපැම් සිදුවීමටද හේතු වී තිබේ. එමිරේට්ස් රාජ්‍යය ඔපෙක් සංවිධානයෙන් ඉවත්වීම මේ සති අන්තයේදී සිදුවනු ඇති බවත්, එවැනි තීරණයක් ගැනීම සඳහා එමිරේට්ස් රාජ්‍යය වසර ගණනාවක් පුරා පර්යේෂණ සිදු කර ඇතැයිද වාර්තා වේ.
ලෝක බොරතෙල් නිෂ්පාදනයේ සහ අපනයනයේ ප්‍රධානතම සංවිධානය වන ඔපෙක් ලොව විශාලතම බොරතෙල් නිෂ්පාදන රටවල් 23කින් සැදුම්ලත් සංවිධානයක් වන අතර, ලෝක තෙල් සැපයුම සහ එහි මිල නියම කරන තීරණාත්මක සංවිධානයක් ලෙස සැලකේ.





